iranama
ඉගනුම ලබන හැමෝම වෙනුවෙන්
ඉගෙනගන්න හොද ග්‍රහචාර මොනවාද ?
cනේ නිවසක අත්තිවාරම මෙන්ම තමාගේ ජීවිතයේ අත්තිවාරම වන්නේ අධ්‍යාපනයයි. රැකියාව, ආදායම් ඉපයීම, ආදායම් වියදම් වීම සඳහා බලපෑම අධ්‍යාපනය නමැති අත්තිවාරම සකස් වේ. අධ්‍යාපනයේදී අපගේ මූලික ගුරුවරු වන්නේ දෙමාපියන්ය. කේන්ද්‍ර පරීක්ෂණයේදී අධ්‍යාපනය පරීක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන්නේ 5 වැන්න, 5 වැන්නේ 5 වැන්න වූ 9 වැන්න, 5 වැන්නේ 9 වැන්න වූ ලග්නය හා ඉහත සඳහන් කළ ස්ථානයන්වල පිහිටි ග්‍රහයන්, ඒවායේ අධිපතීන්, එම අධිපතීන් සිටි නවාංශකාධිපතීන්, ඉහත ග්‍රහයන් සිටි නැකැත්, බුධ, ගුරු, කේතුවේ බල දුබලතාවය (රාශියෙන්, නවාංශකයෙන්, අවස්ථාවෙන් ආදී ඉහත සඳහන් කළ සියලු ග්‍රහයන්ගේ) මීට අමතරව කේන්ද්‍රයේ පිහිටි ඥන යෝග, කථික යෝග, ධාරණ යෝග, විවිධ වෘත්තිකයන් බිහි කරන යෝග ආදිය පරීක්ෂා කළ යුතු වේ.
එසේම අධ්‍යාපනයට අහිතකර ග්‍රහයන් වශයෙන් හඳුන්වන කුජ, රාහු, ශනිගේ හා එම ග්‍රහයන්ගේ මහ දශා, අන්තර් දශාවල බලපෑම අධ්‍යාපනයට අහිතකර අතර, ඉහත සඳහන් කළ කුජ, රාහු, ශනි ප්‍රබල වීම තුළින් අධ්‍යාපනය උසස් අයුරින් සිදු වන යෝගද ඇත. මෙහිදී ග්‍රහයන්ගේ ප්‍රධාන වශයෙන් සෑම අංශයකින්ම බලය මැනිය යුතුයි. මෙහිදී ශඩ් රාශි හා නවාංශකයට ප්‍රධානම තැන හිමිවේ. වර්ගෝත්තම ග්‍රහයා, එනම් එකම රාශියක හා එකම නවාංශකයක පිහිටි ග්‍රහයා සුභඵල දීම අනිවාර්යෙන්ම සිදු වේ. මා සතු අත්දැකීම් මත නීච වුවත් ශුභඵල දෙන අවස්ථා කොතෙකුත් දැක ඇත. ඉහත සඳහන් කළේ කර්මානුරුපීව කෙනෙකුගේ අධ්‍යාපනය කුමන අයුරකින් සිදු වීමට වාසනාව තිබේද යන්නයි. ඉන් අනතුරුව අධ්‍යාපන ලබන අවස්ථාවේදී ලබන මහදශාව, අන්තර් දශාව තුළ වැදගත් වේ. ගුරුගේත්, බුධගේත් අන්තර් දශාව තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අවස්ථාවන් දක්නට ලැබේ. එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමනද වැදගත්වේ. එහිදී ගුරු, බුද ඉහත සඳහන් ස්ථාන වන ලග්නය 5 වැන්න, 9 වැන්න යන ස්ථානවල ගෝචර වන විට ජන්මයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. ඊට අමතරව ඉහත ග්‍රහයන් ජන්ම ලග්නයට ශුභයන්ද අශුභයන්ද යන්න තීරණය කළ යුතුවේ. ඉහත ග්‍රහ පිහිටීම්වලට ග්‍රහයන් ප්‍රබල වී උච්ඡ, ස්වක්ෂත්ර, මුල ත්‍රිකෝණ, මිත්‍ර රාශී ගත වී ඇත්නම් ජන්මයා අධ්‍යාපනයත් සමඟ අගනාකම් සහිත පුද්ගලයෙක් බවට පත්වේ. කෙසේ නමුත් අධ්‍යාපනය කුමන අංශයකින් කළ යුතුද යන්න ඉහත ග්‍රහ පිsහිටීම් සැලකිල්ලට ගෙන තීරණය කළ හැකිවේ.
මෙහිදී අධ්‍යාපනය ලබන කාලවලදී ග්‍රහ අපල පවතී නම් (අන්තර් දශා, මහ දශා, ගෝචර ගමන මඟින් ඇති වන ඒරාෂ්ටක ආදිය) බලා ඒ සඳහා අදාළ කාලයන්වලට පිළිවෙත් කළ යුතුය. එය විභාගයකට, අධ්‍යාපන කඩඉමකට සතියකට පෙර පිළිවෙත් කර ප්‍රතිඵල ලබාගත නොහැකිය. අපලවලට කෙසේ පිළිවෙත් කළත්, ජන්මයා හට අධ්‍යාපන උරුමයක් නොමැති නම් ඒ තුළින්ද ප්‍රතිඵල ලැබිය නොහැක. අධ්‍යාපනය යනු පොතට අදාළ වන දෙයක් පමණක් නොවන අතර, ජීවිතය පුරා සිදු වන්නා වූ, ඒකරාශි කරගන්නා වූ දැනුම් සම්භාරයයි. අධ්‍යාපන සුදුසුකම් කිසිවක් නොමැති අය ලෝකයේ ජාත්‍යන්තර ව්‍යාපාරවල හිමිකරුවෝaද වෙති. එයට හේතු වන්නේ අධ්‍යාපන යෝග නොමැති වූවත්, ධන යෝග පිහිටා තිබිමයි.
සියල්ල කේන්ද්‍රයටම භාර නොදී තමන්ගේම උත්සාහය තුළින් අධ්‍යාපනය ජයගත් පුද්ගලයින් සමාජයේ කොතෙකුත් දක්නට ලැබේ. මෙහිදී හිත එක අරමුණක තබා, වැඩ කිරීමට ඇති හැකියාව ඔවුන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී මනාව ඔප්පුවේ. ග්‍රහයන්ගේ අපල සඳහා අදාළ පිළිවෙත් කිරීම හා සරස්වතී මෑණියන්, ගණ දෙවියන් වන්දනා කිරීම මඟින් අධ්‍යාපනයේ ඇති ජයග්‍රහණ ලබාගත හැක. මෙහිදී බුදුන් වහන්සේ රතන සුත්‍රයේ දේශනා කළ ආකාරයට මනුෂ්‍යයන් විසින් අමනුෂ්‍යයන්ට (දෙවියන්ට) පුද පඬුරු පනවත්ද? නොපමාව ඔවුන් ආරක්ෂා කරන ලෙස බුදුන් පවසා ඇත. ඒ ආකාරයට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත හැකි අතර, අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා සරස්වතී හා ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත හැක. මෙහිදී ජන්මයාගේ අධ්‍යාපනය සඳහා උනන්දුව, කැප කිරීම ප්‍රධාන තැනක් ගන්නා අතර, ඒ සඳහා ඉහත සඳහන් කළ දෙවියන් නැමදීම තුළින්, බාර වීම තුළින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැක. දෙවියන්ගෙන් පිහිටක් ලබා ගැනීමේදී ලෞකික දියුණුවක් ලබාගත හැකි අතර, ලෝකෝත්තර දියුණුවක් ලබාගත හැකි වන්නේ තමාගේ උත්සාහයෙන් පමණි.
අධ්‍යාපනය ලබන කාලවලදී අලසකම, නිදිමත, අමතක වන ස්වභාවය වැනි කරුණු ග්‍රහයන්ගේ බලපෑම් මත සිදු වන අතර, ඒ සඳහා තම කේන්ද්‍රයේ ග්‍රහයන්ට කරන වත් පිළිවෙත් මඟින් එය අවම කරගත හැක.
එහිදී සරස්වතී යන්ත්‍රය පැළඳිම, සරස්වති ස්ත්‍රොaත්ර ගායනා කිරීම, ගණ දෙවි වන්දනාව, බෝධි පූජා හා භාවනා මඟින් එවැනි තත්ත්වයන්ගේ බලපෑම අවම කරගත හැක. මෙම පිළිවෙත් විභාගය අත ළඟ තබා ගෙන කිරීමෙන් ඵලක් නොවන අතර, කලක සිට පිළිවෙත් කිරීම සිදු කළ යුතු වේ. නමුත් අද වන විට යාන්ත්‍රික අධ්‍යාපනය මත පමණක් පදනම් වූ ශිෂ්‍ය ප්‍රජාවක් බිහි වී ඇත. මෙහිදී අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතුවලටද යොමු කිරීම තුළින්, මනා හික්මීමක් හා ප්‍රශ්න හමුවේ හොඳින් මුහුණ දිය හැකි දරුවකු= බිහි කිරීම සඳහා වගකීම ඇත්තේ දෙමාපියන්ටය. මෙහි සෝචනීය පැත්ත වන්නේ, අධ්‍යාපන අඩාල වීම මත, දරුවන්ට එය දරාගත නොහැකිව, මානසික ගැටලුවලට මුහුණ පාන්නට සිදු වීමයි. මෙහිදී තවද බුද්ධිමත් දෙමාපියන් වශයෙන් තම දරුවන්ගේ අධ්‍යාපනය ඔහුගේ හඳහනේ පෙන්වන දිශාවට අනුගතව හා තම දරුවාගේ කැමැත්ත මුල් කරගෙන, අධ්‍යාපනය සඳහා බාධා පවතී නම්, ඒ සඳහාද පිළිවෙත් කර, දරුවාට පිහිට වෙනවා මිස, දෙමාපියන්ගේ කැමැත්ත පරිදි, තම දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගණකාධිකාරිවරයෙක් හෝ නීතිඥවරයෙක් කරවීම සඳහා, දරුවා යාන්ත්‍රීකරණය කරවීමෙන් වලකින්න.
මෙන්න ඒ ගැන විස්තර
වැඩිදුර උපදෙස් සදහා
0718602525, 0115248187.
ජ්‍යෙතිෂවේදී, ජී.එස්. මුදලිගේ
divaina.com/